රාජ්‍ය මුදල් අවභාවිත කළ ඊශ‍්‍රායල් අගමැති බිරිය සරා නෙතන්යාහුට දඩ

පාලකයින් තමා භාරයේ තිබෙන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම පිළිබඳව තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. ජාතික කතා සංග‍්‍රහය ආදි බෞද්ධ මූලාශ‍්‍රවලින් සේම ලෝකයේ විවිධ ඓතිහාසික වාර්තාවලින් ද මේ ගැන පැහැදිලි උදාහරණ ලැබෙනවා. ඒ වගේම ලංකාවේ අපිට නම් රාජ්‍ය මුදල් අවභාවිතය කියන්නේ උදේ සවස අසා පුරුදු කතාවක්. ෙමේ ගැන මොනතරම් චෝදනා තිබුණත් ඒවා යටගිහින් තියෙන්නේ. නීතිය නමලා තියෙන්නේ.

ලංකාවේ එහෙම වුණාට ලෝකයේ හැම තැනම එහෙම වෙන්නේ නැහැ. පාකිස්ථානයේ හිටපු ජනාධිපති අල් සල්දාරි මහඋළු ගෙදර ගියේ ඒ නිසා. පසුගිය 16 වැනිදා අලූත්ම නමක් මේ නම් අතරට එක් වුණා. ඒ ඊශ‍්‍රාලයෙන්.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳ සරා නෙතන්යාහු Sara Netanyahu තමාට එල්ල වූ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනාවට වරද පිළිගත්තා. ඒ අනුව ඇයට ඇමරිකානු ඩොලර් 15,ක මුදලක් ආපසු ගෙවීමට ජෙරුසලම් මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර කළා.

නිල නිවසේ කෝකියන් නොමැති බව පවසමින් පිටතින් ආහාර රැගෙන ඒමට ඩොලර් 99.300ක් වියදම් කළ බවට චෝදනා එල්ල කරමින් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යටතේ පසුගිය වසරේ දී සාරා නෙතන්යාහුට නඩු පැවරැණා.

ලෝකයේ බොහෝ විට සිදුවන ආකාරයට මෙම නඩු විභාගයේදී ඇයගේ නීතිවේදියා කියා සිටියේ මෙම නඩුවට අගමැති බිරියගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයගේ සැමියාට අවමන් කිරීම බවයි.

නීතිඥයා සල්ලිවලට මොන තරම් කතා කිව්වත් අවසානයේ ඇය වරද පිළිගත්තා. ඒ අනුව දඩ මුදල් වශයෙන් ඩොලර් 2777ක් සහ මුළු මුදලෙන් ඩොලර් 12,490ක් ගෙවීමට ඇයට නියම වුණා.

මේ සමග තවත් සුවිශේෂ දෙයක් සිදු වුණා. අගමැති බිරිය වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය පහසු වූ අතර නම් කර සිටි සාක්ෂිකරුවන් අසූ දෙනා ගෙන්වීම ද අනවශ්‍ය වුණා.

Recommended For You

About the Author: Editor