
චීන ජනාධිපති ෂී ජින් පිං අද (20) උතුරු කොරියා සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය කියනවා.
වසර 14 කට පසුව චීන නායකයෙකු උතුරු කොරියාවට පැමිණෙන පළමු දිනය අද බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ. මීට පෙර චීන නායකයෙකු උතුරු කොරියාවේ සංචාරය කර ඇත්තේ 2005 වර්ෂයේදීයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මෙලෙස උතුරු කොරියා සංචාරයක නිරත වන්නේ ජපානයේ පැවැත්වෙන G 20 සමුළුවට සහභාගී වීමට පෙර වීම විශේෂත්වයක්. G20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ද නියමිතව සිටිනවා.
මෙම සංචාරයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා කොරියා අර්ධද්වීපයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය, උතුරු කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. උතුරු කොරියානු නායකයා සහ චීන ජනපතිවරයා පිටපිටම සිව්වරක් චීනයේදී මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.