ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් SLT muve නවතම smart ප්‍රවාහන සේවයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම්, සම්බන්ධිත සාම්ප්‍රදායික ටැක්සි රථ සේවා කර්මාන්තය සහ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විප්ලවීකරණයකට ලක්කරමින් සිය ඩිජිටල් සේවා අනුබද්ධිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් Digital Info Services (Pvt Ltd(Sltds) සමාගම හරහා SLT muve නම් නව පරපුරේ smart සේවය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරයි.

පසුගියදා (11) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති විශේෂ උත්සවයකදී sltds විසින් මේ නව්‍යකරණ ප්‍රවාහන සේවාව නිල වශයෙන් එළිදැක්විණි. කොළඹ නගරය හා බස්නාහිර පළාත ආවරණය වන අයුරින් මාස කිහිපයක් පුරා සිදුකරන ලද සාර්ථක අත්හදා බැලීම්වලින් පසු slt muve smart ප්‍රවාහන සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

slt muve යෙදුම සිය රියැදුරු සහකරුවන්ට, රටේ පවත්නා මේ සේවාවට සමාන වෙනත් කිසිදු සේවාවක් සමඟ සම කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවින හවුල්කාරීත්වයක් ලබාදී ඇත්තේ මගීන්ටද පහසු මිල ගණන් සහිත ආරක්ෂාකාරී සහ විශ්වාසදායී අත්දැකීමක් ලබාදෙමින් වීම විශේෂත්වයකි.

සාධාරණත්වය, විශ්වසනීයත්වය, ගුණාත්මකභාවය හා මුදල් පිළිබඳ වටිනාකම වටා මේ කර්මාන්තයේ ඇති ගැටලු නිරාකරණය කිරීම මේ නවෝත්පාදනයේ අරමුණයි. ශක්තිමත් යෙදුම හා රියැදුරන් හා මගීන් වෙනුවෙන් 24 පැයේ ක්‍රියාත්මක වන සහාය මධ්‍යස්ථානය, ශක්තිමත් පෞද්ගලික දත්ත ආරක්‍ෂණ ක්‍රමය, රියැදුරු පුහුණුව, පිරිසිදු හා ආරක්ෂාකාරී වාහන හා මගීන්ට තම ගමන් විස්තරය පවුලේ අය සමඟ හෝ යහළුවන් සමඟ බෙදා හදාගැනීමට ඇති හැකියාව මගින් එම ගැටලු අභිබවා යන්නට ‍slt muve සමත් වී තිබේ.

මූලික සම්බන්ධතාව ලබාදීමේ සිට වර්තමානයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අවබෝධය ලබාගැනීමට නිරන්තරයෙන් වෙනස්වන තාක්‍ෂණයන් යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් වසර 160කටත් වැඩි කාලයක් පුරා අවස්ථාවන් නිර්මාණය කරමින් හා ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අභිලාෂයන් සැබෑ කරයි. වර්තමානයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, සන්නිවේදන සේවා සැපයුම්කරුගේ භූමිකාවේ සිට ඩිජිටල් සේවා සැපයුම්කරුගේ භූමිකාව දක්වා සංක්‍රමණය වෙමින් ජාතියේ වැඩිම තෝරාගැනීමක් සහිත ජීවන රටා සහකරු වීමේ පරිවර්තනීය ගමනකට උරුමකම් කියයි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා විසින් හඳුන්වාදෙන ලද slt muve smart ප්‍රවාහන විසඳුම ක්‍රියාත්මක කිරීමේදී (smart transportation platform) අදහස් දැක්වූ muve ඔස්ට්‍රේලියා සම නිර්මාතෘ හා අධ්‍යක්‍ෂ වජිර ජයසූරිය මහතා ‘සමාජීය වගකීමක් ඇති සමාගමක් විදියට අප සමාගමේ සේවය කරන්නන් හා අප විසින් ලබාදෙන සේවයන් ලබාගන්නා පුද්ගලයන් පාර්ශ්වකරුවන් විදියට අපි සලකනවා. අපට වගකීමක් තිබෙනවා සාධාරණ වෙන්න වගේම අපත් එක්ක බැඳෙන සියලු දෙනාට ආපසු යමක් ලබාදෙන්න. ශ්‍රී ලංකාවට විවිධාංගීකරණය වූ ජංගම අවශ්‍යතා, ව්‍යාපාර හිතකර වටපිටාවක් හා සියල්ල ඇතුළත් සංස්කෘතියක් තිබෙන බව මා විශ්වාස කරනවායැයි පැවසීය.

දේශීය ප්‍රවාහන සහකරු අවකාශයේ දැනට සිටින සැපයුම්කරුවන් අභිබවා ටෙලිසන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා විසින් හඳුන්වාදෙන ලද slt muve පළමු වරට රියැදුරන් හා මගීන් වෙනුවෙන් සුවිශේෂි පරාසයක විශේෂාංග හා විකල්ප ලබාදීමේ පුරෝගාමියා බවට පත්ව තිබේ. slt muveහි මූළික වෙනස්කම් ලෙස යෙදුම (mobile app) තුළ ඇති විශේෂාංග, මොබිටෙල් ජාලය හරහා දත්ත රහිත ප්‍රවේශය ඇතුළුව මොබිටෙල් හා PEO TV සේවාවන් මගින් හිමිවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සහයෝගීතාවයේ ප්‍රතිලාභ සහ ආයතනික හවුල්කාර සේවා, මූල්‍ය, රක්ෂණ හා වෙනත් අදාළ සේවාවන් හැඳින්විය හැක.

‘උසස් තත්ත්වයේ, ආරක්ෂාකාරී සහ ලාභදායී ප්‍රවාහන ක්‍රමයක් සඳහා වෙළෙඳපොළෙහි පරතරයක් තිබෙන බව අපි විශ්වාස කරනවා. මේ සේවාව ආරම්භයේදී කොළඹ ප්‍රදේශයට වැඩි අවධානයක් යොමු කර පසුව අපි වැඩි ඉල්ලුමක් සහිත වෙනත් ප්‍රදේශ දක්වා මෙය ව්‍යාප්ත කරනවා. වසර 160ක් පුරා විශ්වසනීය සමාගමක් වශයෙන් අප ඇත්ත වශයෙන්ම බැඳී සිටිනවා අපගේ රියැදුරු සහකරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. අපට අපගේ රියැදුරන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයි. අප සක්‍රීයව විනයානුකූල සිහි විපරම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. විනිවිදභාවයක් ඇති රියැදුරු ක්‍රියාත්මක ව්‍යුහය අපගේ යෙදුමේ ඇති සුවිශේෂී විශේෂාංගයක් බවට පත්වේවි. ඒ වගේම නිරන්තර රියැදුරු පුහුණුව හා රියැදුරු පක්ෂපාතී වැඩසටහන් අප ව්‍යාපාරයට සුවිශේෂිභාවයක් එක්කරනවා. මගීන් වෙනුවෙන් වැඩිදියුණු කළ වාහන තත්ත්ව කොන්දේසි ප්‍රතිපත්තිය ලබාදෙන අතරම මගීන්ගේ ආරක්ෂාව අප සතු මූලික වගකීමක් ලෙස සලකනවා. පක්ෂපාතීබව ගොඩනැඟීමට නම් අප සන්නාමය තුළ තබා ඇති විශ්වාසය වසර ගණනක් පුරා රැකගැනීමට අවශ්‍යයැයි ශ්‍රී ලංකා ටෙලිකොම් digital Info Services(Pvt) Ltdහි ප්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

slt muve යනු..

slt muve යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් සම්පූර්ණයෙන්ම බලගැන්වෙන smart ප්‍රවාහන සේවාවකි. ‘සැමවිටම වැඩිපුර යමක් සපයන්න’ යන මූලික හරය මත පදනම්කරගමින් slt muve ගොඩනඟා ඇත්තේ සැමවිටම රියැදුරන්ට, මගීන්ට හා ප්‍රජාවට වැඩි යමක් ලබාදීමටයි. අප සමාගමේ රියැදුරන් වෙළෙඳපොළෙහි වැඩිම ප්‍රතිලාභ ගණනකට හිමිකම් කියයි. එම සතුටට පත් රියැදුරන් මගින් සැමවිටම අප මගීන්ගේ තෘප්තිමත්භාවය සුරක්ෂිත කරයි. අපගේ මගීන්ට දැරිය හැකි මිල ගණන් යටතේ සුවපහසු ගමන් අවස්ථා හා තවත් බොහෝ වටිනාකම් ලබාදී තිබේ. සමාජය නගා සිටුවීම වෙනුවෙන් අප ආයතනයේ ගමන පුරා ආයතනික සමාජ වගකීම් වැඩසටහන් රාශියක් ඇතුළත් වී ඇත.

Recommended For You

About the Author: Editor