ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය කිව්වාම හීන් දාඩිය දානවා – පවිත‍්‍රා වන්නිආරච්චි

මේ ආණ්ඩුව යටතේ කන්න නැතුව දරුවා මැරෙන තත්ත්වයක් ඇතිවෙලා – අද ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න ලැබෙන්නේ සති දෙකයි – දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දාගන්නත් විදිහක් නැතුව ඉන්නෙ – මේක හදන කොටම අපි කිව්වා මේ හදන්න කැඳහැළියක් කියලා – ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට ජනාධිපතිතුමා වෙනත් නිර්වචනයක් දීලාද කියන්න දන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දාගන්නත් විදිහක් නැතුව සිටින බවත් ඔවුන්ට ඡුන්දයක් කිව්වාම හීන් දාඩිය දාන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි.

ඇය මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය,

මේ ආණ්ඩුව යටතේ කන්න නැතුව දරුවා මැරෙන තත්ත්වයක් ඇතිවෙලා .මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති රජය යටතේ දරුවා ආරක්ෂා කරගැනීම කර ගැනීම සම්බන්ධයෙන් විවිධ වැඩ පිළිවෙළවල් දියත් කළා.

ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට තමන්ගේ නිවස ආශ්‍රිතව එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර වර්ග වගා කිරිමේ වැඩ පිළිවෙලක් දියත් කළා. මධ්‍යකාලීන කෙටිකාලීන දීර්ඝකාලීන වශයෙන් ගෘහාශ්‍රිතව වගාව සඳහා අවශ්‍ය පැල වර්ග ලබා දුන්නා. හැම ගෙවත්තකම පෝෂණයෙන් පිරුණු වගාවන් සඳහා ජනතාව යොමු කළා. ඒ කාලේ අපේ රජය යටතේ දුන්නු පැළවලවල  පලදාව සමහර නිවෙස්වල අදටත් ප්‍රයෝජනයට ගන්නවා. මේ වැඩපිළිවෙළ නිසා අපේ කාලයේදී කාලයේ දී කන්න නැතුව දරුවෝ මැරුණා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. වත්මන් ආණ්ඩුවට රටේ දරුවො ටික වත් බලාගන්න බැරි තත්වයක් තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියන්නේ තමන් බාරගත්තේ බංකොලොත් රටක් කියලයි. ඒ කාලයේ පොලී ප්‍රතිශතය සියයට 10 යි. අද පොලි ප්‍රතිශතය සියයට දහ අටයි. අපි කාලයේ ඩොලරය 130යි. අද ඩොලර් එකක්  180යි. එදා වගේ දෙගුණයක් බදු අයකරනවා. අද ජනතාවට ව්‍යාපාර කරගෙන යන්න විදිහක් නෑ. උද්ධමනය වැඩියි. අපේ කාලේ සියයට 6.6 කුණු කුණු ආර්ථික වර්ධන වේගයේ අද වෙනකොට සියයට 3.3 ක් වෙලා. 2014 වර්ෂයේ දී ඩොලර් බිලියන බිලියන 8.4 තිබු විදේශ සංචිත අද වෙද්දි 6. 4 ට බැහැලා.

ඒ කාලයේ  මිලියන 8.4ක් රැකියාවල නිරත වුණා. අද වෙනවිට රැකියාවල නිරත වන්නේ මිලියන 80. හැබැයි බලයට එනකොට කිව්වේ කිව්වේ රැකියාවල නිරත වන ප්‍රමාණය මිලියන 94ක් කරනවා කියලයි. සියයට හැත්තෑ එකක් වුන ණය ප්‍රතිශතය මේ වෙනකොට 90% එකක් වෙලා.

2014 ජීවත් වන විදිහට අද ජීවත් වෙන්න බැහැ. එදා මාසයක් ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබුණා. අද ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න ලැබෙන්නේ සති දෙකයි. රට බංකොලොත් කළේ අපේ ආණ්ඩුව නෙවෙයි. මේ විදිහට රට බංකලොත් උනේ වත්මන් යහපාලන ආණ්ඩුව මහ බැංකුව කොල්ල කාපු නිසයි, රටේ ප්‍රධානියෝ දෙන්නා වෙන අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර තියෙන විරසක යයි.

එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරයෙක් දවසක් විවාදයට එක්වෙමින් කිව්වා අගමැති ජනපති ඉන්නේ හරියට දික්කසාද වුණු දෙන්නෙක් වගේ කියලා. මේක හදන කොටම අපි කිව්වා මේ හදන්න කැඳහැළියක් කියලා. අද අපේ දරුවන්ට බඩගින්නෙ මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ තත්ත්වය නිසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන් අමතමින් කියනවා ඔවුන්ට අසරණ වෙන්න අතරමං වෙන්න ඉඩ දෙන්නේ නැති බව. ඔවුන්ට ගෞරවාන්විත තත්ත්වයක් තත්ත්වයක් ඇති කරනවාලු. මම මෙතෙක් විද්‍යාලයක ඉගෙන ගත්ත විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීම ජනතාවට නියමිත අවස්ථාව ඡන්ද අයිතිය ලබා දීම. ඒ වුණාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා එතුමාගේ රාජ්‍ය පාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බව. එතුමගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ පළාත් පාලන මැතිවරණය කල් දාලා. අද වෙනකම් පළාත් සභා මැතිවරණය තියෙන්නෙත් නෑ.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දාගන්නත් විදිහක් නැතුව ඉන්නෙ. ඒ තරමට පක්ෂය බංකොලොත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය කිව්වාම හීන් දාඩිය දානවා.  ඒ තත්ත්වය පක්ෂයට උදාකලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. අපි මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම කාරක සභාවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දීත් කතා කරා. ප්‍රතිඵලය වුණේ අපිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමයි .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම .ඒ වගේම එතෙක් දැරූ සංවිධායක ධූර වලිනුත් අපි ඉවත් කළා.


අපේ අපේ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කාලයේ සිටම පක්ෂය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරපු අය. මේ විදියට තමයි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කලේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට ජනාධිපතිතුමා වෙනත් නිර්වචනයක් දීලාද කියන්න දන්නේ නැහැ. එහෙම නැත්තං සහරාන් බෝම්බයක් පුපුරපු තත්ත්වයක් ඇති කිරීම, දෙමව්පියෝ පාසල් මුර කරන තත්ත්වයක් ඇති කිරීම, මහ පාරේ යන්න එන්න බැරි තත්ත්වයක් ඇති කිරීම ආරක්ෂාව අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විදිහට එතුමා දකිනවා ද දන්නෙත් නැහැ. අපි එතුමාගෙන් ඉල්ලා මේ රටේ නියමිත කාලයට නියමිත මැතිවරණ පවත්වලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දෙන්න කියලයි.

Recommended For You

About the Author: Editor