
හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා අවස්ථාවට සහභාගී වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා වශයෙනි.
මෙහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ මහින්ද අමරවීර මහතා, රට නැවත සාමකාමී මට්ටමකට පැමිණ ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට දන්වා තිබෙනවා. එම නිසා මේ වතාවේ හදිසි නීතිය දීර්ඝ කරන්නේ තානාපති කාර්යාල හා සමහර පාසල්වලින් කර ඇති ඉල්ලීමක් නිසයි. කෙසේ වෙතත් ජනාධිපතිතුමා ආරක්ෂාව ගැන ඇති අවධානය කිසිසේත්ම අඩු කරන්නේ නැහැ. ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධාරණය කර තිබෙනවා’’ යැයි ද කීවේය.