
ජාතික තව්හීත් ජමාත් ඇතුළු ජමාතේ මිලාතේ ඊබ්රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් කිරීම සඳහා වන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අද (21) පැය කිහිපයක විවාදයකින් පසු අනුමත කළේය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තියේ යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් ගැසට් නිවේදනය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
ජාතික තව්හීත් ජමාත් සංවිධානය පාස්කු ඉරිදා ප්රහාරය සිදුකළ මොහොමඞ් සහරාන් හෂීම් විසින් පිහිටුවා ගත් අන්තවාදී සංවිධානයකි.