
ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් එජාප මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා,
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එජා පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණියා. ඒ අනුව ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ගෙන යාමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වුණා. අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්න තීරණය කළා.