ලසිත් – ධනංජය ‘අති විශිෂ්ඨයි’

ලසිත් මාලිංගගේ සහ ධනංජය ද සිල්වාගේ විශිෂ්ඨ පන්දු යැවීමට පින් සිදුවන්නට එංගලන්තය හමුවේ ලකුණු 20ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 232ක් රැස් කළේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගූ ඇන්ජිලෝ මැතිව් පන්දු 115කදී ලකුණ1 85ක් රැස් කළ අතර අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 46ක් රැස් කළේය.

මෙම තරගයේද සුපුරුදු ලෙස ශ‍්‍රී ලංකා මැදපෙළ අසාර්ථක වූ අතර පෙර තරගවලදී විශිෂ්ඨ ලෙස ලකුණු රැස්කළ නායක දිමුත් කරුණාරත්න ද අසාර්ථක විය.

ශ‍්‍රී ලංකාවට එරෙහිව ‘ Mark Wood ’ 3/40/08, Jofra Archer 3/32/10 සහ Adil Rashid 2/45/10

ශ‍්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 233ක පහසු ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දු වාර 47කදී ලබාගත හැකි වූයේ ලකුණු 212ක් පමණි. එංගලන්තය වෙනුවෙන් Ben Stokes පන්දු 89කදී නොදැවී ලකුණු 82ක් ද, Joe Root පන්දු 89කදී ලකුණු 57ක් ද වාර්තා කළේය.

එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 43කට කඩුළු 04ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුළු 03ක් ද, ඉසුරු උදාන ලකුණු 41කට කඩුළු 02ක් ද දවා ගත්තෛ්ය.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට ලකුණු 20ක තියුණු ජයග‍්‍රහණයක් හිමිවිය. තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත්තේය.

Recommended For You

About the Author: Editor