
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ‘‘විජිත් මලල්ගොඩ කොමිසමේ’’ නිර්දේශ සැලකිල්ලට ගනිමින් නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

නීතිපතිවරයා විසින් මෙම නියෝගය වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇති අතර එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කර ඇත.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව දැනුම් දුන්නාය.
නීතිපතිවරයාගේ නියමය අනුව කොළඹ, වයඹ හා විශේෂ ආරක්ෂක දිසාව නියොජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.