
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 02දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

