
මේ වන විට ‘‘හරිත වැලි තොටුපොළ’’ සංකල්පය හඳුන්වාදී තිබෙන අතර ඉදිරියේ දී එය කි‍්‍රයාත්මක නොකරන පිරිසට වැලි බලපත්‍ර නිකුත් නොකෙරෙන අතර එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කෙරෙන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුර අවට පරිසරයත් සුරක්ෂිත කෙරේ. මෙම ක්‍රමය අනුව ගංගාවේ සිට ගං ඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කරන අතර එය වන රෝපණයකින් සමන්විත වේ. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන අඩි 03 ක පාරක් ඉතිරි වේ. මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බැස්සවීමට නොහැකි අතර වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතීන්ට අනුවයි. එහි දී කූඩ යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැුගෙන ආ යුතුය. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුය.