කුමන විවේචන එල්ලවුව ද පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කිසිසේත් ආපසු හරවන්නෑ – ජනපති

වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දුෂිත ව්‍යාපාර වන අතර ඒවායේ සිදුවන අක‍්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ හරිත වැලි තොටුපොළ සංකල්පය හඳුන්වාදීම පිළිබඳව අද (22) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.

ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ගස් කැපීම, ගල් වැලි පස් ජාවාරම ඇතුළු රටේ සිදුවන දැවැන්ත පරිසර විනාශය වැළැක්වීම වෙනුවෙන් නීති රීති රැසක් ඝෘජුව සහ වක‍්‍රව කි‍්‍රයාවට නංවා තිබෙන බවත් කුමන විවේචන එල්ල වුව ද පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කිසිසේසත් ආපසු නොහරවන බවත්ය.

සංවර්ධනය සඳහා වැලි, ගල් සහ පස් අවශ්‍ය වුවත් පරිසරය රැුක ගනිමින් නිසි කළමණාකරණයක් යටතේ ඒවා සපයා ගැනීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිවරයා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන් සම`ග රටේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.

මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් සඳහා දිනකට ගෙවන රුපියල් 2000/- වැටුප රුපියල් 2500/- දක්වා ඉහළ නැංවීමට ද ජනපතිවරයා මෙහි දී අදාළ තාක්ෂණ සේවා සමාගම වෙත උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම එම සේවකයන් වෙත සඳුන් පැළ බෙදාදීමක් ද ජනාධිපතිවරයා අතින් සනිටුහන් කෙරිණි.

Recommended For You

About the Author: Editor