
ඉරානය විසින් පසුගිය දා ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත යානයක් (ඩ්‍රෝන) පහරදී බිම හෙළීම සමග යළිත් ඇමෙරිකාව සහ ඉරානය අතර යුධ උණුසුම ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහි නවතම ප්රකාශනය වන්නේ ඉරානයේ යුද අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදීමයි. වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන ආකාරයට ඉරානය විසින් රොකට් සහ මිසයිල පද්ධති කි‍්‍රයාත්මක කරවන ප්‍රධාන පරිගණක පද්ධතියට මෙම ප්‍රහාරය එල්ල කිරීමට නියමිතයි.