එජාපය ප‍්‍රමුඛ ‘‘එ.ජා.ප‍්‍ර. පෙරමුණේ’ නායකත්වය කරුට හෝ චම්පිකට

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛය නිර්මාණය කිරීමට යෝජිත ‘‘එක්සත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ’’ඉදිරි සති කිහිපය තුළ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පිහිටුවන බවත් එහි නායකත්වය කරු ජයසූරියට හෝ පාඨලී චම්පික රණවකට හිමිවනු ඇති බවත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප‍්‍රබල අමාත්‍යවරයෙක් ‘‘ජූනි 23 දා අනිද්දා පුවත්පත’’ සමග ප‍්‍රකාශ කර ඇත.

එහි ප‍්‍රථම පියවර ලෙස එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එහෙත් එජාපය නියෝජනය නොකරන මන්ත‍්‍රවරුන්ට එජාප සංවිධායක තනතුරු පිරිනැමීමට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පසුගිය 19 වැනි දා යෝජනාවක් සම්මත වූ බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට මහරගම ආසනය ද, විජිත් විජිතමුණි සොයිසා මහතාට කටාන ආසනය ද, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට පැල්මඬුල්ල ආසනය ද, හිමිවන බව දැනගන්නට තිබේ. මීට අමතරව තවත් කිහිප දෙනකුට සංවිධායක තනතුරු ලබාදීම සඳහා සුදුසු ආසන සොයමින් සිටින බව ද වාර්තා වේ.

පැල්මඬුල්ල ආසනයේ සංවිධායක ධුරය පිළිබඳව කරුණාරත්න පරණවිතාන මහතාගෙන් අනිද්දා පුවත්පත කළ විමසූ අතර එම තොරතුරු සනාථ කරමින් ඔහු පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පුළුල් ජනතා සන්ධානයක් ලෙස ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ඉතා ඉක්මනින් පිහිටුවන බවය.

Recommended For You

About the Author: Editor