ජනපති 18 – 19 සංශෝධන දෙකට ම දෙහි කපයි

මේ ආණ්ඩුව නරක් විමට  ප‍්‍රධානතම හේතුව තමයි  19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ  නැත්නම් මේ ආණ්ඩුව  හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා / අගමැතියි මම දෙපැත්තට කළේ 19 වැනි සංශෝධනයයි / 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ  අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා / 18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන්  රට අස්ථාවර වෙනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික නිවාස සංවර්ධන අදිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයේදීය.

මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,

‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක්   සමරනවා වගේම  අපේ ආණ්ඩුවට  දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස  හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා  මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට  කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි.  මේ ආණ්ඩුවේ කටයුතු  පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව  ඇවිත් තියෙනවා.

මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට  ප‍්‍රධානතම හේතුව තමයි  19 වැනි සංශෝධනය.   19 වැනි සංශෝධනය ආවේ  නැත්නම් මේ ආණ්ඩුව  හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ  රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා  අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත්  19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය  තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම  නුසුදුසුයි.  18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

ඒත් 19 වන සංශෝධනයෙන්  මේ  රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා.  මේ සංශෝධනයෙන් ජනාධිපතිත්  අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා.  ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.  

18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන්  රට අස්ථාවර වෙනවා.  රට අරාජිකයි කියලා මිනිස්සු  අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි.  19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ  අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

Recommended For You

About the Author: Editor