ට‍්‍රම්ප් යළි බලය ඉල්ලීමට සූදානම්

ලංකාවේ ජනාධිපතිවරණයට වර්තමාන ප‍්‍රධාන පක්ෂ දෙකෙන් හෝ තුනෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ගැන තාම තීරණයක් නැහැ. ඒක ‘සැඟවුණ අමුත්තා’ තෝරනවා වාගේ වෙලා. ඒකෙන් කියවෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙක තුළම ජාතික වශයෙන් පොදු පිළිගැනීමක් ඇති නායකත්වයක් නැති බවයි.

ඒත් ලංකාවේ වගේ ලෝකේ හැම තැනම නැහැ. හොඳම උදාහරණය ඇමෙරිකාව. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන ඇමෙරිකානු මාධ්‍ය මෙන්ම විපක්ෂයත් නොකියන කතාවක් නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය වුණත් දැඩිව ට‍්‍රම්ප්ව විවේචනය කරනවා.

ඒත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ කිසි දෙයකින් සැලෙන පාටක් නැහැ. ඔහු මේ වන විට 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිල වශයෙන් ම සූදානම් වීම ආරම්භ කරලා තිබෙනවා.

මේ සඳහා පූර්ව සූදානමක් ලෙස ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියක් අමතමින් ට‍්‍රම්ප් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව තවත් වසර හතරක් සඳහා තබා ගන්නා ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවට චෝදනා කළා. අස්ථාවරව පැවති රට තම පාලන කාලයේ දී ස්ථාවර තත්ත්වයට ගෙන ආ බවද ට‍්‍රම්ප් මෙහිදී කියා සිටියා.

ට‍්‍රම්ප්ගේ මේ පම්පෝරි කතාවට ප‍්‍රතිචාර දක්වන ඩිමොක්‍රොටික් පක්ෂ නායකයන් පවසන්නේ ට‍්‍රම්ප් යළි පත්කර ගැනීම ඇමෙර්කාවේ අවසානය වන බවයි.

Recommended For You

About the Author: Editor