දකුණු අප‍්‍රිකාව හමුවේ පාකිස්ථානය ප‍්‍රබල තත්ත්වයක

මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ 8-9 වැනි ස්ථානවල පසුවන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය (30වැනි) ලන්ඩන් නුවර ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී අද (23) ආරම්භ විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 07ක් දැවී ලකුණු 308ක් රැස්කර ගත්තේය.

පාකිස්ථානය වෙනුවෙන් හාරිස් සොහාලි Haris Sohail පන්දු 59කට ලකුණු 89ක් වාර්තා කළ අතර බහාර් අෂාම් Babar Azam පන්දු 80කට ලකුණු 69ක් වාර්තා කළේය.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් පන්දු යැවූ Lungi Ngidi 64/3, Imran Tahir 42/2, Aiden Markram 22/2, Andile Phehlukwayo 49/1 වශයෙන් කඩුළු වාර්තා කළේය.

පාකිස්ථාන පිලේ පළමු කඩුල්ල 81/1, 98/2, 143/3, 224/4, 295/5, 304/6 සහ 307/7 වශයෙන් බිඳ වැටුණේය.

මෙම වාර්තාව ලියන මොහොත වන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 33කට කඩුළු 4ක් දැවී ලකුණු 150ක් රැුස්කර ගෙන සිටියේය.

තරගයේ ජය පරාජය සම්බන්ධයෙන් සිදුවන මත විමසීම්වලදී පාකිස්ථානය තරගය ජයග‍්‍රහණය කරන බවට සියයට 90ක් තම විශ්වාසය පළකර ඇත.

Recommended For You

About the Author: Editor