නවසීලන්තය – ඉන්දියාව අපරාජිතව ඉදිරියටම : ප‍්‍ර.ල සටහනේ නවසීලන්තය 2, ඉන්දියාව 3

ඊයේ (22) පැවැති නවසීලන්තය – බටහිර ඉන්දිය කොදෙව් සහ ඉන්දියාව – ඇෆ්ගනිස්ථානය අතර තරගවලින් නවසීලන්තය සහ ඉන්දියාව තියුණු ජයග‍්‍රහණ අත්පත් කර ගනිමින් මේ දක්වා රැකගෙන ආ අපරාජිත බව තව දුරටත් තහවුරුකර ගත්තා.

මෙම තරග දෙක ඇෆ්ගනිස්ථානයට සහ බටහිර ඉන්දිය කොදෙව්වන්ට තවත් තරග දෙකක් පමණක් වුණත් එය ඉන්දියාවට සහ නවසීලන්තයට ඉතා වැදගත් තරග දෙකක් වුණා. ඒ ප‍්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් ඉදිරියෙන් රැඳී සිටීමට සහ අවසන් පූර්ව වටයට අභියෝගයකින් තොරව යාමටයි.

බටහිර ඉන්දිය කොදෙව් – නවසීලන්ත

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට නවසීලන්තය අපරාජිතව ඉදිරියෙන්ම සිටියත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමි වුණේ අපේක්ෂාභංගත්වයක් පමණයි. ඔවුන් මේ වන විටත් ඉදිරියට යාම පිළිබඳ අපේක්ෂා අතහැර තිබෙන බවක් දැකිය හැකියි.

මේ තත්ත්වය තුළ ඊයේ ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 29 වැනි තරගය නවසීලන්තය – බටහිර ඉන්දිය කොදෙව් අතර, මෑන්චෙස්ටර්හි ඕල්ඞ් ට‍්‍රැෆඞ් ක‍්‍රීඩාංගණයේ ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 06.00ට ආරම්භ වූණා. එම තරගයෙන් නවසීලන්තය ලකුණු 05ක තියුණු ජයග‍්‍රහණයක් ලබමින් තම අපරාජිත බව තව දුරටත් රැක ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 50 තුළදී කඩුළු 08ක් දැවී ලකුණු 291ක් වාර්තා කළා. නවසීලන්තය වෙනුවෙන් ‘කේන් විලියම්සන් පන්දු 154කට ලකුණු 148ක් ද, Ross Taylor 69 (95), James Neesham 23 (28) වාර්තා කළා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ Sheldon Cottrell 4/56, Carlos Brathwaite 2/58, Chris Gayle 1/8 වශයෙන් කඩුළු ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49කදී සියලූ දෙනාම දැවී ලබාගත හැකි වුණේ ලකුණු 286ක් පමණයි.

කොදෙව් කණ්ඩාම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ Carlos Brathwaite 101 (82), Chris Gayle 87 (85), Shimron Hetmyer 54 (45) ද වශයෙන් ලකුණු ලබා ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවූ Trent Boult 4/30, Lockie Ferguson 2/58 වශයෙන් කඩුළු ලබා ගත්තා.

සුපිරි ඉන්දියාවට නවක ඇෆ්ගන් ක‍්‍රීඩකයින්ගෙන් ප‍්‍රබල අභියෝගයක්

අපරාජිත සුපිරි ඉන්දිය පිළ සහ නවක, සටන්කාමී ඇෆ්ගනිස්ථාන පිළ අතර තරගය ඊයේ පැවැති වුණේ සවුත්හැම්ටන්හි ‘‘රෝස් බෝල් ’’ ක‍්‍රීඩාංගණයේදීයි. එම තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලබමින් තම අපරාජිතත්වය යළි තහවුරු කර ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබුණා.

එහෙත් මෙම තරගයේදී නවක ඇෆ්ගන් ක‍්‍රීඩකයෝ සහ පන්දු යවන්නෝ දැක්වූ අභියෝගාත්මක හැකියාවන් සියලූ දෙනාගේ ප‍්‍රසාදයට ලක් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය සුපිරි පිතිකරුවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන දළ ලකුණු වේගයේ ඉදිරියට ඒමට සැලසුම් කළත් ඇෆ්ගන් පන්දු යවන්නන් ඊට ඉඩ දුන්නේ නැහැ. මේ තත්ත්වය තුළ ඉන්දිය පිළට නියමිත පන්දුවර 50 තුළ දී කඩුළු 08 ලකුණු 224ක් වැනි අගයකින් සෑහීමට පත්වීමට සිදු වුණා.

මෙම තරගයේදී යම් පමණකට හෝ සාර්ථක වුණේ චිරාට් කෝලි 67, කේ. ජාදේව් 52 සහ රාහුල් 30 පමණයි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඞ් නාබී 2/33, ගුල්බයින් නයිබ් 2/51 වශයෙන් සාර්ථක වුණා.

ඉන්දිය කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කිසිසේත් අභියෝගාත්මක ඉලක්කයක් නොවුණත් ඇෆ්ගනිස්ථානය වැනි නවක පිළක් හමුවේ එය ප‍්‍රමාණවත් වේයැයි ඉන්දියාව කල්පනා කළා විය හැකියි.

ඉන්දියාව හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5කදී සියලූ දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තුන් ඉරියව් ක‍්‍රීඩක මොහොමඞ් නාබි ලකුණු 52ක් රැුස් කළා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවූ මොහොමඞ් ෂාම් ලකුණුු 40කට කඩුළු 4ක් ලබා ගත්තා.

ඊයේ (22) දිනය අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහන

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor