පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති – දුමින්ද දිසානායක

මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ- නායකයෝ වැඩකුත් නෑ’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය, ඉහළගම ග්‍රාම නිළධාරී වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ- නායකයෝ වැඩකුත් නෑ, දැන් අපි ප්‍රථිපත්ති ගරුක විය යුතුයි.

දැන් අපි ගමෙන් පණිවිඩය යවන්න ඕන ඉහළට සියලු නායකයෝ, සියලු පක්ෂ අපිට ඕන විදිහට මේ රට ගෙනයන්නේ නැත්නම් අපිට ඒ පක්ෂත් එපා කියන තැනට අපි යා යුතු වෙනවා. පහුගිය මැතිවරණ වලදී තමන්ගේ ඥාතීකම නැති කරගත්තා නේද ඡන්ද නිසා, කට්ටියක් බෙදෙන්න ඇති මෛත්‍රීපාල මහත්තයාට, තවත් කට්ටියක් බෙදෙන්න ඇති මහින්ද මහත්තයාට එකම ශ්‍රී ලංකාකාරයෝ ටිකත් බෙදුණා, ගමේ ඥාතිකම-හිතවත්කම නැති කර ගත්තා, ඒ මැතිවරණ ඉවර වෙලා දැන් අවුරුදු 04 ක් වෙනවා, තාමත් ඒ තරහා ඇති. මේ වෛරය දැන් ඇති, පක්ෂ වෙනුවෙන්- නායකයෝ වෙනුවෙන් ගම විනාශ කර ගත්ත යුගය අවසන් කරන්න. ගමක් විදිහට ශක්තිමත් වෙන්න.

ඒ වගේම ජාතීන් විදිහට, ආගම් විදිහට සැකෙන් බලන තත්වයට අපි පත්වුණා පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක.හැබැයි මේකට මුල් වුණේ ජාතියක් හෝ ආගමක් නෙමෙයි,මේකට මුල් වුණේ අන්තවාදීන් කීප දෙනෙක්. හැබැයි ඒ අන්තවාදීන්ගේ ක්‍රියාවලියත් එක්ක අපි නැවත වතාවක් එකට හිටිය මුස්ලිම් මිනිහා දිහා සැකෙන් බලන්න පටන් ගත්තා. ක්‍රිස්තියන් ආගමිකයා- මුස්ලිම් ආගමිකයා දිහා සැකෙන් බලන්න පටන් ගත්තා. සිංහල අපිත් මුස්ලිම් ජාතිය දිහා සැකෙන් බලන්න පටන් ගත්තා. මේකේ වරද කොතනද? අන්තවාදීන්ගේ අන්තවාදීත්වය  තමයි මේකට මුල,අපි ජාතීන් සියල්ලම එකට ජීවත් වුණාට අපේ රට තුළ ජාතීන් වලට වෙන වෙනම නීති තිබුණා. වෙනම නීති හදලා තිබුණා, වෙනම නීති වලට අනුබල දීලා තිබුණා, මේක වෙනස් කරන්න දේශපාලන පක්ෂ නායකත්වය ගත්තෙත් නෑ, දේශපාලඥයෝ විදිහට අපි එදා මේකේ ගැටලුවක් දැක්කෙත් නෑ, අනාගතයේ අපිට මේක බේර ගන්න තියෙන්නේ එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීමෙන්

Recommended For You

About the Author: Editor