අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අගෝස්තු 11 රටට දැනුම් දෙනවා – ඩලස් අලහප්පෙරුම

අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි / පාස්කු ප්‍රහාරයෙන් පසු දින සිට මේ මාධ්‍ය දඩයම ගේන්න ආණ්ඩුව උත්සාහ කළා / මේ විදියට සුළුතර ආණ්ඩු පත්වීම නිසා පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුව පිටතත් නාස්තිකවාදීන් පිනවන්න සිද්ධ වෙනවා / අපි අවුරුදු හතර හමාරකට පස්සේ ගෝත්‍රික තත්ත්වයට ඇවිත් / අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා

අද සිට ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දින 148. අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුව පැවැත් වෙනවා. සියලු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන අපේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා එදින රටට දැනුම් දෙනවා.

මහා සමුළුවෙන් පසුව එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා සිට දින සියයකින්  ආණ්ඩුව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙනවා. මේ ආණ්ඩුව ජනවාරි 9 වැනිදා බලයට ආවේ දින 100න් අලූත් රටක් තේමාවෙන්. අපිත් අගෝස්තු මස 12 වැනිදා සිට දින 100න් අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අරඹනවා. අගෝස්තු 12 වෙනිදා ට  දින 100න් අලූත් රටක් කියලා කියලා මාධ්‍ය ඔස්සේ වැර්තා කරන්න පුළුවන්.

අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි.

අන්තවාදයට ත්‍රස්තවාදයට  කොන්දේසියකින් තොරව කටයුතු කළ හැකි නායකයෙක් විය යුතුයි. කාන්තාවට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. විසි එක්වැනි සියවසට ගැලපෙන නූතන දැක්මක් සහිත සිංහල දමිළ මුස්ලිම් බොදු කිතුනු හින්දු සියලු ජනවර්ගවලට මගෙ රට කිරි හැකි රටක් නිර්මාණය කරන නායකයෙක් විය යුතුයි.
එහෙම නැතුව ඇස් ගිලීම, මූනේ මහන්සි පාට, නින්ද නොයාම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන පිටකොටුවේ නාට්ටාමි සංගමයට දැනුම් දෙන්න.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ,ඒ සිද්ධිය නිසා ඇතිවුණු යන කැළඹිල්ල ප්‍රයෝජනයට ගනිමින්  මුවාවෙලා බරපතල තීන්දු තීරණ ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණුවා. සමෘද්ධි ව්‍යාපාරය මුළුමනින්ම දේශපාලනීකරණය කළා. පැලවත්ත සෙවණගල ආදී කර්මාන්ත දේශපාලකයන්ගේ සාක්කුවට දෙන  විදිහට පනත් සම්මත කළා. රාජ්‍ය  ඔත්තු  සේවා හෙළිදරව් කළා. දැන් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ සකසමින් සිටිනවා.

මාධ්‍යයත් මේ ලැයිස්තුවට එකතු වෙලා. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන දඩයම් කිරීමේ පනතක් ගේන්න සූදානම් වෙනවා. යුධ වාතාවරණය යටතේවත් අපේ රටේ එවැනි පනත් ගෙනවේ නැහැ. මේ පනත යටතේ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන ලක්ෂ පහකට නොඅඩු දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙන අතරම වසර දහයකට නොඅඩු සිරදඬුවමක් දෙන්නත් පුළුවන් .

මීට පෙර මාධ්‍යයට තර්ජන ආවම රාජ්‍ය නායකයා කවුරුවුනත් මාධ්‍ය සංවිධාන නැගිට්ටා. නමුත් මේ මොහොතේ සාහසික බරපතළ පනතක් කරළියට ඇවිත් තිබුණත් මාධ්‍ය සංවිධාන ඇතුලේ පේන්න තියෙන්නේ සුසානයක නියඬතාවයයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු දින සිට මේ මාධ්‍ය දඩයම ගේන්න ආණ්ඩුව උත්සාහ කළා.

ඒ ප්‍රතිත්‍රස්ත පනත හරහා. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඒ පනතට විරුද්ධ වුණා. ඒ පනත ගේන්න බැරි උන නිසා තමයි මේ පනත ගේන්න හදන්නේ. ඔබේ දොරට දඩයම්කරු ඇවිත් තට්ටු කරන විට ප්‍රමාද වැඩියි කියලා හිතෙන්න කලින් මාධ්‍ය මේ සම්බන්ධයෙන් පෙරට ආ යුතුයි .

ආණ්ඩුවේ දුර්වලකම ගැන කාරණා එළියට එනවා. මහින්ද රාජපක්ෂ සමයේ නූතනත්වය ගැන කතා කරමින් ලංකාව පුරා නූතන අධිවේගී මාර්ග පද්ධතියක් සැකසීම ගැන අහන්න ලැබුණා. දැන් අහන්නට වෙන්නේ පැලෝපීය නාල ගැන. අපි අවුරුදු හතර හමාරකට පස්සේ ගෝත්‍රික තත්ත්වයට ඇවිත්.

අපි අවුරුදු හතර හමාරකට පස්සේ ගෝත්‍රික තත්ත්වයට ඇවිත්.

අප රටේ ජනතාවට කැබිනට් මණ්ඩලය ගැන විශ්වාසයක් නැහැ. රටේ දේශපාලන අස්ථාවර භාවයක් තියෙන්නෙ. දේශපාලන අස්ථාවරභාවයට හේතුව රටේ පවතින මැතිවරණ ක්‍රමයයි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ 1988 මහ මැතිවරණයේදී. එතැන් සිට මහ මැතිවරණ හතක් පැවැත්වූවා.1988 මහ මැතිවරණය සහ 2010 මහ මැතිවරණයෙන් හැරෙන්න අනිත් මහ මහමැතිවරණ පහෙදිම පත්වුණේ සුළුතරයේ ආණ්ඩු.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගැන විශාල බලාපොරොත්තුවක් තිබියදීත් තිබුනේ තිබියදීත් මන්ත්‍රීධූර 105ක්. ඊළඟ මැතිවරණයේදී බෝම්බ වැදිලා අනුකම්පාව යටතෙත් දිනා ගන්න හැකි වුණේ මන්ත්‍රිධුර 107යි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එකසිය නමයක් පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතිනත අරන් පවත්වපු මැතිවරණයෙන් පත් ඳාවුණේ 105යි.

 2015 අගෝස්තු මාසේ එක්සත් ජාතික පෙරමුණ විදිහට පුළුල් පෙරමුණකින් ඇවිල්ල ගන්න ලැබුණේ 106යි. 1988 දී සහ 2010 විතරයි බහුතරයක් ලබා ගත්තේ. 1987 මහ මැතිවරණය පැවැත්වුණේ මහා භීෂණයක් මැද. හමුදා ආරක්ෂාව මැද එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් ඡන්දෙ ප්‍රකාශ කළා. සමස්ථ ඡන්දදායකයින්ගෙන් සියයට 46 ක් පමණයි ඡන්දය දුන්නේ. එදා බහුතරයක් ලැබීම අහඹු සිදුවීමක්.

2010 වර්ෂයේ දී බහුතරයක් සහිත ආණ්ඩුවක් පත් වුණේ යුද ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට තිබුණු ජනතා කැමැත්ත නිසයි.

මේ විදියට සුළුතර ආණ්ඩු පත්වීම නිසා පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුව පිටතත් නාස්තිකවාදීන් පිනවන්න සිද්ධ වෙනවා.

පළාත් සභා පනත වෙනස් කරන වෙලාවේ ආණ්ඩුවට  තුනෙන් දෙකේ බලය අවශ්‍ය වුණා. එදා රවුෆ් හකීම් රිෂාඞ් බදුරුදීන් ඡන්දෙ දෙන්න කැමති උනේ නැහැ. මේ අය එක්ක සාකච්ඡා කරන්න ඕන නිසා කිසිදු දැනුම් දීමකින් තොරව  පාර්ලිමේන්තුව රෑ නවය වෙනකල් පැවැත්තුවා. අවසානයේ 50 ට 50 දෙන්න එකඟ වෙලා මේ අයගේ ඡන්දය ගත්තා .
දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් රටට උචිත මැතිවරණයක් සකස් කළා. අපිට ස්ථාවර ආණ්ඩුවක් පත්කළ හැකි ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.

අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.

ඒ ගැන මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ද වෙනත් පක්ෂයක ආණ්ඩුවක් ද අදාළ නැහැ. අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමේ මැතිවරණ ක්‍රමයක්. රටට සුදුසු මැතිවරණ ක්‍රමයක් සැකසීම ඊලග ජනාධිපතිවරයා ගේ පළමු වගකීම් කිහිපය අතර තිබෙනවා.

Recommended For You

About the Author: Editor