
ඉරානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් පහරදී බිම හෙළීම සහ ඉරනායේ යුධ මෙහෙයුම් සිදුවන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ජනපති ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිවීම සමග සුපුරුදු ලෙස ඉරානය සහ ඇමෙරිකාව අතර යුද ආතතිය ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වය තුළ අවිලෙන ගින්නට පිඳුරු දාන්න හෝ වතුර දාන්න ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ සංචාරක නිරතව සිටිනවා.
තම සංචාරය අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පොම්පියෝ පූර්ව කොන්දෙසිවලින් තොරව ඇමරිකාව සාකච්ඡා සඳහා එක්ව සිටින බව ප්‍රකාශ කළා.