
එකිනෙකාට බැන වදිමින් දේශපාලනය කිරීමෙන් පලක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (24) ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ හයිරැක්ස් ඔයිල් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ආරම්භ කරන ලද ලිහිසි තෙල් සම්මිශ්‍රන කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සව සභාව අමතා අදහස් දක්වමිනුයි.
මෙහිදී අගමැතිවරයා මෙසේ ද සඳහන් කළා.
‘‘ගොඩනැගීමේ සහ මෙහෙයවීමේ ගිවිසුමක් යටතේ රුපියල් කෝටි 500ක අයෝජනයක් ලෙස කර්මාන්තශාලාව ඉදිකර තිබෙනවා. වසර 20 ක කාලයකට පසු කර්මාන්තශාලාවේ සම්පූර්ණ අයිතිය රජයට හිමිවන පරිදියි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ. සහයෝගීතාව සහ හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ ගිවිසුමකටද දෙපාර්ශ්වය අත්සන් තැබුවා.