කොටි යුධ අපරාධ කළ බවට සාක්ෂි සහිත ප‍්‍රථම නඩුව විභාගයට ගැනෙයි

LTTT සංවිධානය විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප්‍රථම නඩුවේ චූදිතයින් තිදෙනකුට අධිචෝදනා භාරදීම අද (24) වවුනියාව මහධිකරණයේදී සිදුවිය.

LTTE සංවිධානය විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප්‍රථම නඩුව මෙය වන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙලෙස අධිචෝදනා ලැබුවේ LTTE හිටපු බුද්ධි සාමාජිකයින් වන මදීඅරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබළුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු, වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.

Recommended For You

About the Author: Editor