
තුර්කියේ ස්තාන්බූල් අගනුවර නගරාධිපති තරගයේ ජය විපක්ෂයෙන් නගරාධිපති තරගයට ඉදිරිපත් වූ එක්රිම් ඉමම් ඔග්ලු හට හිමිව තිබෙනවා. ඔහු 54%ක ඡන්ද ප්රතිශතයක් දිනා ගත්තා.
ඔහුගේ ප්රතිවාදියා ලෙස තරග කළේ තුර්කියේ හිටපු අග්රාමාත්ය බිනාලි ඉල් ඩිර් රිම්. විපක්ෂය මෙය සලකන්නේ පැහැදිලිවම ආණ්ඩුවේ පරාජයක් විදිහටයි.
ඒත් මේ පරාජය පිළිබඳව තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් පවසා ඇත්තේ ස්ථාන්බූල් නගරයේ ජයග්රහණය කුමන පක්ෂයකට හිමි වුවද එය තුර්කියේ ජයග්රහණයක් බවයි. මේ අතර විපක්ෂය කියන්නේ නව නගරාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සියලුම පක්ෂවලට ආරාධනා කරන බවයි.