ප‍්‍රථමික පාසල් සිසුන්ගේ පෝෂණය නංවන්න නොමිලේ සහලින් සැකසූ ආහාර ලබා දෙනවා – කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්

ලංකාවේ දරුවන්ගෙන් මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය ඉහළ දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කොට පාසල්වල දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අද අනුරාධපුරයේදී පැවසීය.

මෙම වැඩසටහනේ ඒ මූලික අදියර ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල පහ වසරෙන් පහළ සියලු දරුවන්ට මෙම සහල්වලින් නිෂ්පාදනය වන ආහාර නොමිලේ ලබා දීම සඳහා වැඩසටහන ආරම්භ කිරීම සහ ඒ පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීම අද (24) පෙරවරුවේ සීගිරිය සංචාරක නිකේතනයක දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට ලෝක ආහාර සංවිධානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ මෙන්ම කෘෂිකර්ම නිලධාරීන් එක්ව සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැතිවරයා.

‘‘ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා විශේෂ ඛනිජ ලවණ එක්කොට සහල් නිෂ්පාදනය කොට අත්හදා බැලීමක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් ළමුන් සඳහා මෙම විශේෂ ආහාර වේල නොමිලේ ලබාදීමට තීරණය කොට තිබෙනවා. මෙම විශේෂ සහල් අනුභව කිරීමෙන් කුඩා දරුවන්ගේ මන්දපෝෂණය දුරු වෙන බවත් දරුවන්ගේ වර්ධන හැකියාව ධාරණ ශක්තිය වැඩි වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප්‍රවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර සංවිධානය එක්ව මෙය සිදුකරනවා. අපි තාම සහල්වලට තවමත් නමක් තබා නැහැ.

මෙම වැඩසටහනේ ප‍්‍රථම අදිරයර ලෙස දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 500ක් පමණ තෝරාගෙන තිබෙනවා. පසුව මෙම සහල් වැඩසටහන දිවයින පුරා සෑම පාසලකම 5වසරට පහළ ඉන්න දරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

ගොවීන්ගෙන් ලබා ගන්නා සහල් අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය එකතු කොට පාසල්වල දරුවන්ගේ දිවා ආහාරයට ලබාදීම මෙහි අරමුණවන්නේ. සහල් සැකසීමේ කටයුතු බුල්නෑව ප්‍රදේශයේ සහල් මෝලක සිදුකරන බව’ ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Recommended For You

About the Author: Editor