බෙංගාලි ව්‍යාඝ‍්‍රයෝ ඉදිරියට: ශ‍්‍රී ලංකාවේ තැන අවිනිශ්විතයි ?

ක‍්‍රීඩාලෝලීන් වැඩි දෙනෙකුගේ අවධානයක් දිනා නොගන්නා බංග්ලාදේශ – ඇෆ්ගනිස්ථාන එක්දින තරගය අද (24) පැවැත්වෙනවා. ලෝක කුසලාන තරගාවලියේ 31 වන තරගය වන මෙය ඇෆ්ගනිස්ථානයට එතරම් වැදගත් නොවූවත් සටන්කාමී බංග්ලාදේශයට නම් අතිෂයින් වැදගත් බවයි ක‍්‍රීඩා විචාරකයෝ කියන්නේ. ඒ මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ශ‍්‍රී ලංකාව පහළින් 06 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය මෙම තරගය ජයග‍්‍රහණය කළහොත් 05 වැනි ස්ථානය දක්වා යළි ඉදිරියට එන නිසයි.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 07කට ලකුණු 262ක් වාර්තා කළා. විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ Mushfiqur Rahim පන්දු 87කදී ලකුණු 83ක් ලබා ගත්තා. Shakib Al Hasan පන්දු 69කදී ලකුණු 51ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දු යැවූ Mujeeb Ur Rahman ලකුණු 39කට කඩුළු 03ක් ලබා ගත්තා.

කඩුළු බිඳ වැටීම, 23/1, 82/2, 143/3, 151/4, 207/5, 251/6, 262/7

ඇෆ්ගන් ඉනිම

ලකුණු 262ක ඉලක්කයක් හඹා යන ඇෆ්ගන් පිතිකරුවන් පන්දුවාර 47කදී කඩුළු සියලූ දෙනාම දැවී ලකුණුු 200ක් ලබා ගත්තා. ඒ අනුව බංග්ලාදේශය ලකුණු 62ක පහසු ජයක් වාර්තා කළා.

බංග්ලාදේශයය වෙනුවෙන් පන්දු යැවූ Shakib Al Hasan ලකුණු 29කට කඩුළු 05ක් බිඳ හෙළුවා.

මේ අනුව මෙම තරගයෙන් බංග්ලාදේශය සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය කරනු ඇති බව පැහැදිලි කරුණක්.

මේ සමග හිමිවන ප‍්‍රසාද ලකුණු 02 සහ දළ ලකුණු වේගය සමග බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් වනු ඇති බව පැහැදිලියි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor