19 නිවැරදි කරන්න එතුමා ප‍්‍රමාද වැඩියි – මහින්ද රාජපක්ෂ

මට නම් තේරෙන්නේ නෑ / 18 ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන හානිය මොකක්ද කියලා නොකෙරෙන දේවල් ගැන කතා පළක් නෑ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හානිය ජනපතිවරයාට පෙනෙන විට එතුමා ප‍්‍රමාද වැඩි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද හඟුරන්තෙදී පැවසීය. එහිදී හිටපු ජනපතිවරයා කියා සිටියේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හානියක් නම් තමන්ට නොපෙනෙන බවයි.

‘‘මට නම් තේරෙන්නේ නෑ 18 ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන හානිය මොකක්ද කියලා. ඒත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. ඒත් එතුමට ඒක තේරෙණ කොට දැනුත් පරක්කු වැඩියි.

තව මාස 4කින් ජනාධිපති මැතිවරණයක් තිබෙනවා. දැන් ඉතින් ඒවා වෙනස් කරන්න වේලාවක් නැහැ. මේ අත්හදා බලන යුගයක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. එහෙම නැතිව කරන්න බෑ. තුනෙන් දෙකක් තියෙනවද ? දැන් නොකෙරෙන දේවල් ගැන කථාකරලා වැඩක් නෑ’’

Recommended For You

About the Author: Editor