
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද පැවැති (25) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී අද අධ්‍යාපන ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මාස ගණනාවක් තිස්සේ විවිධ බාධා හමුවේ මෙම වැඩපිළිවෙළ මේ ආකාරයේ සාර්ථක අවසානයක් ලබාගැනීම මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතියට හේතුවක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඉතා ඉක්මනින් පාසල් පද්ධතියට ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.