
පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එහි විදුලි සෝපානයේ සහ පිළිගැනීම් අංශයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී අඩම්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ රාජ්ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑමල අඩන්තේට්ටම් කිරීම යන වැරදි සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නිති සංග්රහයේ 344 346 සහ 483 වගන්ති ප්රකාරව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ තුන ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.