පොහොට්ටුවේ කබරගොයි – තලගොයි න්‍යාය ගැන අකිලගෙන් හෙළිදරව්වක්

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත් පොහොට්ටුව පක්ෂය ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සඳහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද කුලියාපිටියේදී ප‍්‍රකාශ කළා.

කුලියාපිටියේ සමෘද්ධීලාභීන් 2500 දෙනෙකුට සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීම කුලියාපිටිය නගරසභා පිටියේ පැවැති උත්සවයකදී සිදුවුණා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා,

පසුගිය පළාත් පාළන ඡන්දෙදී දී අපිට කුලියාපිටිය නගර සභාවේ සීයට 50කට වැඩියෙන් ඡන්ද ලබා ගනිමින් බලය පිහිටුවීමට හැකි වුණා. ඒත් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ කිසිම පක්ෂයකටවත් සියයට 50ක ඡන්ද ලබා ගන්න බැරි වුණා. එදා පොහොට්ටුව ප‍්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා ගත්තේ රිෂාඩ් බදීයුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගෙනයි. එදා ඔවුන් එහෙම නොකළා නම් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ මන්ත්‍රීවරු දෙන්නා අරගෙන බලය පිහිටුවන්න හොඳ වූ පොහොට්ටුව ම රිෂාඩ් බදියුදීන් මැතිතුමා වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් දරන විට දේශද්‍රෝහි ක්‍රියාවක් වෙලා. ඒක තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය මිස වෙන මෙකවත් නෙමෙයි.

දේශපාලන බලය හා පැවැත්ම උදෙසා යටි අරමුණින් ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් ඒවා ලැජ්ජා සහගත ක්‍රියාවක්යි. ජනතා සුබ සෙත වෙනුවෙන් කුමක් ලබා දුන්න ද දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නියම සුදුස්සාට ම පමණක් ඒවා ලබාදිය යුතුයි. අද අපි සමෘද්ධි හිමිකම් ලබා දෙන්නෙත් ඒවා වගේ සුදුස්සන්ට පමණයි’’ යැයි ද ඇමති අකිල පැවසුවා.

Recommended For You

About the Author: Editor