යුද්ධ හමුදාපති හෙට පාස්කු ඉරිදා කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා කාරක සභාව හමුවට රජයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සහභාගී නොකරන බවට ජනපතිවරයා ප‍්‍රකාශ කර තිබියදීත් පස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබේ.

ඒ අනුව යුද්ධ හමුදාපතිවරයා හෙට (26) කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

කාරක සභාවේ කටයුතු හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතය.

ජනපතිවරයාගේ නියෝගය නොකතා කාන්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ද පසුගිය සතියේ එම කාරක සභාව හමුවේ සාක්ෂි දීමට කැඳවීය.

Recommended For You

About the Author: Editor