
කිලිනොච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා යාල්දේවී දුම්රියේ ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනකු මිය ගොස් ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අත්පත්තු මහතා පැවසීය.
තවත් සෙබළුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කිලිනෝච්චි යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් බව ද යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.