
මැලේසියාවේ ජොහොර් පළාතේ පාසල් කිහිපයක දරුවන් 75 දෙනෙකුට බලපෑ අසාමාන්‍ය රෝගී තත්වයන් හේතුවෙන් එහි පාසල් 400ක් හදිසියේ වසා දැමීමට පළාත් බලධාරීන් පියවර ගෙන ඇත. එම දරුවන්ට ශ්වසන අපහසුතා සහ වමනය යන රෝග ලක්ෂණ මතුව තිබෙන අතර එම පළාතේ වායු දුෂණය හේතුවෙන් මෙලෙස සිදු වන්නට ඇති සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.