වෙන්නප්පුව ප‍්‍රා.ස සභාපති මුස්ලිම් වෙළෙඳුන්ට දංකොටුව සතිපොළ තහනම් කළාට හේතු කියන්න නියෝග

පසුගිය 24 වැනිදා වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාව විසින් දංකොටුව පොලිස් වසමේ දංකොටුව සතිපොළේ මුස්ලිම් ප‍්‍රජාවට වෙළෙඳාම් කිරීම් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවට අද (25) දංකොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව දංකොටුව පොලිසිය විසින් මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී. සුසන්ත පෙරේරා ඇතුළු 06 දෙනකුට ලබන 28 වැනි දින මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටි එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙස නොතීසි නිකුත් කර ඇති බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Editor