ඔස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට: එංගලන්තය දෙලොවක

සත්කාරක, සුපිරි එංගලන්ත කණ්ඩායමට පිටපිට දෙවැනි පරාජයේ නීරස විඳීමට අවස්ථාව ලබා දෙමින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට මුලින්ම සුදුසුකම් ලැබීමට ඊයේ ඔස්ටේ‍්‍රලියාව සමත් වුණා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝඞ්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 64ක ජයක් ලැබීම සමගයි.

කාසියේ වාසිය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමේ නායකයායි. ඒ අනුව පළමුවෙන්ම පන්දුව පහරදීමට ඔහු එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඔස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කළ ඒරන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 123ක අගනා ආරම්භයක් ලබා දුන්නා.

පළමුවෙන්ම දැවී ගියේ පන්දු 61කට ලකුණු 53ක් ලබාසිටි ඬේවිඞ් වෝනර්. ඒ මොයින් අලීගේ පන්දුවකට. එහෙත් ෆින්ච් සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 116කදී ලකුණු 100ක් ලබා ගත්තා. ස්ටීවන් ස්මිත් ලකුණු 38යි. නියමිත පන්දුවාර 50 තුළදී ඔස්ටේ‍්‍රලියාව කඩුළු 07කට ලකුණු 285ක් ලබා ගත්තා.

ලකුණු 285ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම අනපේක්ෂිත ලෙස පන්දු වාර 44.4කදී සියලූ දෙනාම දැවී ගියා. ඒ ලකුණු 221කටයි. එංගලන්තය වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක‍්‍රීඩා කළේ ලකුණු 89ක් ලබාගත් බෙන් ස්ටොක් පමණයි. ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් වන මිචෙල් ස්ටාරක් 43/4 සහ 44/5ක් වශයෙන් එංලන්ත ඉනිම විනාශ කළා.

මේ සමග සත්කාරක එංගලන්තය පිටපිටම දෙවැනි පරාජය (ශ‍්‍රී ලංකාව) භුක්ති වින්ඳා. ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ ඉදිරි දින කිහිපය තුළ දී සත්කාරක, සුපිරි එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය විසඳෙනු ඇති බවයි. සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor