තෙල් නළ එළීමට දේශපාලන බාධා ආවොත් හෙට දහවල් 12 සිට ඉන්ධන නෑ – ඛනිජතෙල් වෘත්තීය සමිති

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා පවතින අඟල් 12 තෙල් නළය අලුත්වැඩියා කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් පැය 24ක් තුළ නවතා දැමීමට පියවර නොගතහොත් හෙට (27) දින දහවල් 12 පසු වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවට ඛනිජතෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජතෙල් සංස්ථා වෘත්තීය සමිති ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ අදාළ කිලෝමීටර් 5.14ක දුරකින් යුත් නළ මාර්ගයේ කිලෝමීටර් පහක නළ එළීම සිදුකර තිබෙන නමුත් ඉතිරි මීටර් 140 තුළ නළ එලීමට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉඩ ලබා නොදෙන බවයි.

මීටර් 140ක සීමාවේ සිටි නිවෙස් හිමියන්ට වන්දි ලබාදී තිබියදීත් අදාළ දේශපාලනඥයා විසින් නළ එළීම නතර කරන ලෙස ඊයේ දැනුම් දී තිබෙන බව ද මේ අනුව නළ එළීම මේ වනවිට නතර කර තිබෙන බවද වෘත්තීය සමිති ප‍්‍රකාශකයා lankaepress සමග සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor