
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය හෙයින් නඩුව දීර්ඝ දිනයකින් කැඳවන ලෙස ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබා දුන්නේය.
සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදු කර ඇත්දැයි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට නඩුවේ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයිද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.