මත්ද්‍රව්‍ය ජාවාරමුන් එල්ලන්න එපා – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමා ගෙන යන සටන කිසිසේත් නවතා දැමීමට සූදානම් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනමින් නැවැත්විය විය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව එය බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

ජූනි 21 සිට ජූලි 1 දින දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ දී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තාවලින් දැනගන්නට ලැබුණු බව ද එම සංවිධානය සඳහන් කරයි.

එහෙත් අද පැවැති උත්සවයකදී ජනපතිවරයා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමා ගෙන යන සටන කිසිසේත් නවතා දැමීමට සූදානම් නැති බවයි.

Recommended For You

About the Author: Editor