
රාජ්ය නිලධාරීන්ගේ /නිලධාරිනියන්ගේ රාජකාරී ඇඳුම සම්බන්ධයෙන් චක්රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා රාජ්ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවට ඊයේ (25) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව රාජ්ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්රය තුළට පිවිසීමේදී පිරිමි නිලධාරීන් කලිසයම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්ය සේවයේ ගරුත්වය රැකෙන අයුරින් සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු අතර සෑම විටකදීම නිලධාරිනියගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතුය.