වසීම් තාජුඞීන් ඝාතනයේ සාක්ෂි වසං කළ බවට සැක හිටපු DIG අනුර සේනානායකට හෙට අධි චෝදනා පත‍්‍රභාර දෙයි

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවූ බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව හෙට (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (26) අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබීය.

අනුර සේනානායක මහතා මෙලෙස අධිකරණයට කැඳවා ඇත්තේ ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත‍්‍ර බාරදීම සඳහා බව වාර්තාවේ.

අනුර සේනානායක මහතාට එරෙහි චෝදනාව වන්නේ රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවූ බවයි.

මේ සම්බන්ධයෙන් මුලින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව ඉල්ලා අස්කර ගත් නීතීපතිවරයා ඉන්පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව පවරා ඇත.

2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

Recommended For You

About the Author: Editor