Huawei දුරකථන සහ ටැබ්වලට මුදල් ආපසු ලබා දීමේ වගකීමක්

Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන හෝ ටැබ් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට මුදල් ආපසු ලබාදීමේ වගකීමක් ලබාදීමට තීරණය කර ඇත. Google Playstore, Gmail, Google Map, Google Photos, Chrome, YouTube, Facebook, Instagram සහ WhatsApp යන ඕනෑම යෙදුමක් අක්‍රිය වීමක් සිදු වුවහොත් පාරිභෝගිකයා ගෙවූ සම්පූර්ණ මුදල යළි ලබාදීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරයි.

ශීඝ්‍රයෙන් ලොව විශාලතම සහ ප්‍රමුඛතම ICT සමාගම බවට පත්වෙමින් සිටින Huawei සමාගම 2018 වසරේ දී මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය බවට පත්විය. 2012 වසරේ පටන් Huawei සන්නාමයේ බලයලත් බෙදා හරින්නා ලෙස කටයුතු කරමින් සිංගර් සමාගම මෙරට ජනතාවට ලොව නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හඳුන්වා දී ඇත.

මේ සාර්ථකත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගනිමින් නව්‍ය තාක්ෂණයෙන් යුතු ලොව විශිෂ්ටතම ස්මාර්ට් ජංගම දුරකථන ඉදිරියටත් මෙරට පාරිභෝගිකයන් වෙත ගෙන ඒම සඳහා සිංගර් සමාගම වසර 2ක් දක්වා මේ මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනමයි. සාමාන්‍ය දෘඩාංග සහ මෘදුකාංග වගකීමට අමතරව මේ මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනැමීම ද විශේෂත්වයකි.

Recommended For You

About the Author: Editor