MCC ගිවිසුම හරහා ලංකාවට ඩොලර් මිලියන 400ක් – මුදල් ඇමති මංගල

ඇමෙරිකා ගිවිසුම ගැන අධ්‍යයනයකින් තොරව තීන්දුවක් එපා – ජනපති

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (Millennium Challenge Corporation) හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (25) කැබිනට් මණ්ඩලයේදී හෙළිකර ඇත.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමේ (Millennium Challenge Corporation) සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට කළ දැනුම්දීමට ප‍්‍රතිචාර දක්වමින් මංගල සමරවීර මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.

එහිදී ඇමැති මංගල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉකුත් අවස්ථාවකද මෙම ප්‍රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බවත් වත්මන් ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බවයි.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor