අනුර සේනානායකට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි අධිචෝදනා විවෘත අධිකරණයේ දී අද (27)ඔහුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔක්තොබර් 23 වැනිදා සිට නඩුව විභාග කිරීමට නියම කරනු ලැබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ඊයේ (26)නිකුත් කර තිබු සිතාසියකට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී සිටිනු ලැබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කූඩුවට ගොඩ වූ අතර ඔහුට එරෙහි අධි චෝදනා පත‍්‍රය විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේ දී බාර දෙනු ලැබිණි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කූඩුවට ගොඩ වූ අතර ඔහුට එරෙහි අධි චෝදනා පත‍්‍රය විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේ දී බාර දෙනු ලැබිණි.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක තම සේවාදායකයාට ඇප නියම කර ඇති හෙයින් එම ඇපය මතම හෝ සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අනුර සේනානායක මහතාට ඇප වශයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 10ක මුදල් ඇපය මෙම නඩුවේද මුදල් ඇපය වශයෙන් බාරගැනීමට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියම කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට පැමිණිල්ලක් ලැබුණු හොත් නියම කර ඇති ඇපය අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන බව විත්තිකරුට දැනුම් දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසද නියම කළේය.

විත්තිකරුට එරෙහි නඩුව ලබන ඔක්තොබර් 23,24 සහ නොවැම්බර් 07,08,15 වැනි දිනවල විභාග කිරීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන  30 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කර ඇත.

Recommended For You

About the Author: Editor