
මේ වන විට දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිරගත කොට සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් 1261 දෙනාගෙන් පුද්ගලයින්ගෙන් 823 දෙනකු එකී තීන්දුවට එරෙහිව අභියාචානා ගොනුකර ඇතැයි ද අභියාචනා ගොනුකර නොමැති ගණන 438ක් බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ස්ථිර වශයෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන් ගණන 438ක් බව ද සඳහන්ය.
පසුගිය දා එල්ලා මැරීම සඳහා දින නියම කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ 18 දෙනකුගේ නම් ලැයිස්තුව අභියාචනා යොමු නොකළ මරණ දඬුුවම නියමව සිටින 438 දෙනාගේ ලැයිස්තුව මගින් සකස් කළ එකක් බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මරණ දඬුවම නියම වූ කාන්තාවන් 36 දෙනකු ද සිටින බවයි.