
පාස්කු ඉරිදා ප්රහාරයට සැකපිට ජෙඩා සිට මෙරටට රැගෙන ආ මිල්හාන් නැමැත්තාගෙන් ලද තොරතුරක් මත කාත්තන්කුඩි පොලිස් වසමේ පාළු කැලෑබද ඉඩමක ස්ථාන කිහිපයක වළ දමා තිබූ ඩෙටනේටර් 1000ක් ඇතුළු යුධ උපකරණ තොගයක් අද සවස ආරක්ෂක අංශ විසින් සොයා ගත් බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
