
ලෝක කුසලාන පළමු වටයේ 34 වැනි තරගය ලෙස අද (27) ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 125ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. මෙම ජයග්‍රහණය සමග මෙවර ලෝක කුසලානයේ මේ දක්වා අපරාජිත එකම කණ්ඩායම බවට ඉන්දියාව පත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 07කට ලකුණු 267ක් වාර්තා කළා.
ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව නායක චිරාත් කෝලි විසින් වාර්තා කළ අතර එය ලකුණු 72ක්. මේ සමග අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 20,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට චිරාත් කෝලි පත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දුවාර 34.2කදී ලබාගත හැකි වුණේ ලකුණු 143ක් පමණයි. ඒ් අනුව ඉන්දියාව ලකුණු 125ක දැවැන්ත ජයක් ලැබුවා.