ගෝඨගේ ජනපති සිහිනයට යළි කොක්කක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ (26) පැමිණිලි කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි AFP පුවත් සේවය කියයි.

”ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපාරය” නම් සංවිධානයක සහය ඇතිව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු බැවින් ඇමරිකානු අධිකරණයක මෙම පැමිණිලි ගොනු කිරීමට කටයුතු කළ බව පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.

Recommended For You

About the Author: Editor