
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සංශෝධනය කරන බවට බලධාරීන් ලබාදී ඇති පොරොන්දු ඉටු නොකරමින් තව දුරටත් කල් මරන්නේ නම් කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් කිහිපදෙනෙකු වෙත යොමුකර ඇති ලිපියක් මගින් (27)මේ බව දන්වා ඇත.
එම ලිපිය මගින් වැඩි දුරටත් දක්වා ඇත්තේ ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික නිලධාරී යන සේවකයින්ගේ වැටුප් තල පී.එල්. කාණ්ඩය යටතේ ස්ථාපිත කර ඇති බවත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සහ විධායක නොවන නිලධාරීන්ට මෙම වැටුප් තලය මෙතෙක් පිහිටුවා නොමැති බවත් ය. මෙම තත්වය බරපතල අසාධාරණ තත්වයක් බවත් තවදුරටත් මෙම තත්වය ක්‍රියාත්මක වන්නේ නම් සාධාරණය, යුක්තිති ඉටුකර ගැනීමට ශ්‍රී ලංගම වෘත්තීය සමිතිවලට අනිවාර්ය ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය යොමුකර ඇති ලිපිය,
