ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වුණත් ජනපති – අගමැති අපේක්ෂක දෙකම අපිට ඕනෑ – ප‍්‍රසන්න රණතුංග

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර මැතිවරණ සන්ධානයක් ඇති වුව ද ජනාධිපතිවරණ අපේක්‍ෂක ධූරය සහ අගමැති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

වෙත අදහස් දක්වමින් ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි පක්‍ෂය මේ වනවිටත් තීරණය කර තිබෙන බවත් සුදුසු වේලාවේදී එය හෙළිකරන බවද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor