
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුරුන් ද යන බව තවත් මාස 02ක් 03ක් ඇතුළත රටට හෙළි කරන බවත් එජාප අභ්‍යන්තරයේ මේ වන ජනපති අපේක්ෂකයා පිළිබඳව දැනුවත්ව සිටින බවත් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
එහිදී ඇමැතිවරයා අවධාරණාත්මකව පවසා සිටියේ බාහිර පුද්ගලයින් විසින් පතුරුවා හරින කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
අද (29) වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැති රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.
දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී විය යුතු බවත් ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙළ පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.